home design according to vaastu

About Us

|

1986 සිට මේ දක්වා මම සැලසුම්් ඇඳීම සහ ඉදිකිරීම් සම්බන්ධව  කටයුතු. කෙරේ විශේෂයෙන් ම ප්‍රායෝගික වාස්තු සිද්ධාන්ත සමඟ කටයුතු  සිදුකිරීම අපගේ   විශේෂත්වයකි.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකගෙන නිර්මාණ සිදු කිරීම අපගේ ප්‍රධානතම වග්කීම් ලෙස සැලකේ. 

අවුරුදු හතළිහක්ට පමණ කාලයක සිට මෙම වෘත්තියේ නියැලෙමින් ලද පන්නරය සහ ප්‍රායෝගිකත්වය හැමවිටම  අපගේ  ගනුදෙනුකරුවන් හට ලබා දීම අපගේ බලවත් උත්සාහයකි

.කාලීන වශයෙන් පැන් නගින අවශ්‍යතාවයන්ට අනුකූලව නිවාස කරණයේ යෙදීම අපගේ තවත් විශේෂත්වයක් වෙයි

. පූර්ණ වාස්තු සිද්ධාන්තයන්ට අනුකූලව නිර්මාණයන් සිදු කිරීම් සහ  ඉඳිකිරීම්  සිදුකිරීමද පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම්ට  ගනුදෙනුකරුවන් පෙළඹවීම් ද එමගින් සමාජ සම්මතයන් හා සභ්‍යත්වය ඇති කරලීම ද අපගේ උත්සාහයකි. 

මෙම  කටයුතු සිදු කිරීම සඳහා මට සහාය ලබාදීමට ඉපැරණි වාස්තු ශාස්ත්‍රීය  දැනුම ඇති  ව්‍යුහාත්මක ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු ,අභ්‍යන්තර අලංකරණ ගෘහ නිර්මාණ ශිල්පීන් ,භූ දර්ශන අලංකරණ ගෘහ නිර්මාණ ශිල්පීන් මා සමඟ එක්ව සිටී.

 අප හැම විටම  පවුල රැකීම,  ගුණ ගරුක බව  ආරක්ෂා කිරීම, බලාත්මක කරන ආයතනයකි.

Jayathilaka Godakanda Arachchi
76/1 piliyandala Rd 3rd lane
Godigamuwa Maharagama.

+94 11 274 5300 | info@housedesignv.com  

නිර්මාතෘ හමුවන්න

1985 වර්ශයේදී  මා මෙම  කෘතියට වෘත්තියට ප්‍රවේශ වූ අතර නිවාස ඇඳීම් පමණක් නොව   ඉදිකිරීම් කටයුතු ද සිදු කරන ලදී. මා හැම විටම උත්සාහ ගත්තේ වාස්තු සිත් සිද්ධාන්තයන්ට අනුව ඇඳීම් සහ  ඉඳිකිරීමේ කටයුතු  සිදු කිරීමටය .

මෙම වෘත්තීය මට වාසනාවක් සේ සලකමි .

මන්දයත්  මෙම   ක්ෂේත්රය හරහා මිනිසුන් හට සුබ සිතින් යමක් කිරීම්ට ඇති හැකියාව ලැබීමය.

 ගාල්ලේ බෝපේ   වැකුණගොඩ උපත ලබා  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අදධ්‍යාපන ලැබූ   මා මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ  දෛවෝපගතව ය.

මේ වන විට  වාස්තු ක්ෂේත්රයේ සඳහා පොත්පත් සඟරා විවිධ උපකරණ හඳුන්වාදදීමට මට හැකි වීම සතුටට කාරණයකි.

2010 වර්ෂයේ සිට ඉගැන්වීමේ කටයුතු  සිදුකරමින්    විශාල  ශිෂ්‍ය ශිෂ්‍යයාවන්  ප්‍රමාණයක් බිහි කිරීමට හැකි වීම වාසනාවක් ලෙස සලකමි.

Youtube/facebook යන සමාජ මාධ්‍ය හරහා දැනුමත් කිරීමේ කටයුත්ත ද මේ වන විටත් සිදු කරමින් සිටී .

මගේ අභිප්‍රාය වන්නේ

කෙසේ හෝ වස්තුවය දැනුමකින් යුත් නිවසක් ඉදිකර ගැනීමට පොදු මහා මහජනතාව උනන්දු කරවීම ය.

Translate »