home design according to vaastu


සොහොන් පිටියක ඉදිකළ ජනාධිපති මන්දිරය

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉපැරණිම ගොඩනැගිලි අතරින් වසර 225ක් ඉක්මවා ඇති ජනාධිපති මන්දිරයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් විසින් උස් ස්ථානයක් වූ මෙම භූමියේ ශාන්ත ෆ්‍රැන්සිස් නම් දේවස්ථානය ඉදිකොට පසුකාලයේදී පූජක ආරාමයක්ද ඉදිකළ බව ඉතිහාසගත වී ඇත. පෘතුගීසින් විසින් ඔවුන්ගේ ප්‍රධානීන්ගේ මෘතශරීර ද මෙම ස්ථානයේ මිහිදන් කළ බව සඳහන් වේ කෝට්ටේ රාජධානිය රජකළ (1551 -1597 )හත්වන බුවනෙකබාහු රජ පෘතුගීසි වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ පසු තරුණ ධර්මපාල කුමරු 1551 වසරේදී රජු බවට පත්විය. මොහු බුවනෙකබාහු රජතුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ.. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය. ඉතා දුර්වල පාලකයෙකු ලෙස සැළකෙන මෙතුමා කෝට්ටේ රාජධානියඒ 1580 අගෝස්තු 12 දින ලංකා රාජ්‍ය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ දොන් හෙන්රි අධිරාජ්‍යායාට පවරා දීමයි. සිහසුන හැරදමා පෘතුගීසි ආරක්ෂාව යටතේ කොළඹ පිහිටි බලකොටුවේ සිටියදී 1597/5/27 දින මිය ගියහ. ඔහුද මෙම ස්ථානයේ මිහිදන් කළ බව සඳහන් වේ.1762 වසරේදී ඔහුගේ සොහොන කොටුව ඕලන්ද පල්ලියේ සොහොන් බිමේ තිබූ අතර පසුව ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට නතුවූ පසු එය විනාශකරන ලදී.

එසේ වුවද1804/1/17 වන දින මෙම ස්ථානය බ්‍රිතාන්‍ය රජයට පවරා ගැනුණි.

1812 - 1820 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.ඉන්පසුව ලක්දිව ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝත් මෙහි පදිංචි විය. ඔහුගෙන් පසුව ලක්දිව ආණ්ඩුකාර ධුරයට පත් වූ තෝමස් මේට්ලන්ඩ්ද මෙම මන්දිරය සිය නිල නිවස්නය බවට පත් කර ගත්තේය. (1805 - 1811) මේට්ලන්ඩ් විසින් මෙම මන්දිරය කිංග්ස් හවුස් නමින් නම් කර තිබේ. එතුළින් මෙම මුල් ඉදිකිරීමේ වූ ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය සම්පූර් ණයෙන්ම පාහේ ඉවත්ව ගොස් බ්‍රිතාන්‍ය ගෘහ නිර් මාණ ශිල්පය ඉස්මතු වීම සිදු විය. විලියම් හෝර්ටන්, ස්ටුවර්ට් මැකෙන්සි යන ආණ්ඩුකාරවරු යටතේ මෙම ගොඩනැගිල්ල වෙනස්කම්වලට සහ අලුත්වැඩියාවන්ට ලක් කෙරුණි.

1837 වසරේ දී එංගලන්තයේ පාලන බලය හිමි වුයේ වික්ටෝරියා රැජිනටයි. එහි බලපෑම ලංකාවේ කිංග්ස් හවුස් නම් වූ මෙම ගොඩනැගිල්ලටද බලපෑවේය. කිරීටයේ පාලනය රැජිනියක් වෙත හිමි වීම නිසා 1837 වසරේදී කිංග්ස් හවුස් යන්න ක්වින්ස් හවුස් ලෙස වෙනස් විය. වික්ටෝරියා රැජින බලයේ රැඳී සිටි 1901 වසර තෙක්ම ක්වින්ස් හවුස් යන නාමය නෙවෙනස්ව පැවතුණි. 1901 වසරේ එංගලන්තයේ පාලනය ජෝර්ජ් රජතුමාගේ පාලනයට නතු වූ අතර ඉන්පසුව යළිත් ක්වින්ස් හවුස් නාමය, කිංග්ස් හවුස් ලෙස වෙනස් කෙරුණි. ආණ්ඩුකාර ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන් (1850- 1855) විසින් 1852 දී ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ සාමාජිකයින් සහ අනෙකුත් ප්‍රභූවරුන් සඳහා විවේකාගාරයක් ලෙස භාවිතා කරන ලදී. 1812 සිට 1820 දක්වා ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් විසින් 1831 දී ගොඩනැගිල්ලේ බොහෝ වෙනස්කම් සහ වෙනස් කිරීම් සිදු කරන ලදී. නැවතත් රැජින බලයට පත්වූ පසු මෙම මන්දිරය queen house ලෙස නම් කෙරිණි. කෙසේ වෙතත් 1804 සිට එය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ සහ ආණ්ඩුකාර ජනරාල්වරුන්ගේ වාසස්ථානය විය.

1972 මැයි 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වූ දා පටන් මෙය හඳුන්වන්නේ ජනාධිපති මන්දිරය ලෙසයි.

කොටුවෙ බංකරේ

කොළඹ-කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති ඉහත උත්සවයේදී මේ සුවිශේෂී වගතුග ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයා විසින් හෙළිකර සිටියේය. එතැනින් පසුව මෙම වගතුග රට තුළ මහත් විශාල ආන්දෝලනයක් ඇති කරන්නට ගත්තේය. කොළඹ-කොටුවේ ඉපැරැණි ජනාධිපති මන්දිරයට අනුබද්ධිතව බොහෝ මෑත කාලයකදී මෙසේ ඉදිකරන ලද මෙම පොළොව යට සුපිරි මාලිගාවේ වගතුග ජනතාව දැනගත්තේ එතැන් සිටය. මෙම සමයේදී රට තුළ සිදුවන දැඩි උද්ඝෝෂණයන් සහ අරගලයන් හේතුවෙන් මෙම ‘සුපිරි භූගත මාලිගාවේ’ තොරතුරු නැවැත එළිපෙහෙළියට ආවේය. පසුගිය කාලයේ හෙළිවූ තොරතුරුවලට අනුව මෙම අබිරහස් ජනාධිපති මාලිගයේ එක් තට්ටුවක් වර්ග අඩි 3,000කින් සමන්විත බැව් පැවසෙයි. එනම් සම්පූර්ණ තට්ටු 04ම ගත්කල එම සම්පූර්ණ මුළු ගොඩනැඟිල්ලම වර්ග අඩි 12,000කින් සමන්විත වෙයි.

ගෝර්ඩ්න් උද්‍යානය

1883 වසරේ ලක්දිව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ආතර් ගෝර්ඩන් විසින් මෙම උද්‍යානය ඉදිකරවා තිබනේනේ සිය වාසභවන වූ ක්වින්ස් හවුස් මන්දිරයට යාබදව වූ කැලෑබද ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමෙන් පසුවයි. 1887 වසරේදී වික්ටෝරියා රැජිනගේ ස්වර්ණ ජයන්ති උත්සවයට සමගාමීව මෙම උද්‍යානය විවෘත කෙරුණි. අක්කර 4ක පමණ භුමි භාගයක් තුළ පිහිටි මෙම උද්‍යානයෙහි විවිධ විසිතුරු මල් සහිත ශාක, දුර්ලභ ගණයේ වෘක්ෂ මෙන්ම විවිධ ස්මාරක, ප්‍රතිමා ආදියද දැකගත හැකියි. මාර, කිතුල්, හල්මිල්ල, තේක්ක, නුග, කොහොඹ ආදී වටිනා ශාක මෙහිදී දැක ගත හැකිය. පෘතුගීසින් ලංකාවට ගොඩ බැසීම සංකේතවත් කරමින් කොළඹ වරාය අසල ගල් කුට්ටියක සිය ලාංඡනය සලකුණු කළ අතර ටොන් 20ක් පමණ බරැති එම ඓතිහාසික ශිලා ස්මාරකය දිගුකාලයක් පුරා මෙහි තැන්පත් කර තිබුණි.1920 වසරේදී එංගලන්තයේ සිට ගෙන්වන ලද වික්ටෝරියා රැජිනගෙ ලෝකඩ ප්‍රතිමාවක් මෙහි ස්ථාපිත කෙරුණි. Mieke Beumer නම් චිත්‍ර ශිල්පියකු විසින් අඳින ලද චිත්‍ර ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ලට නුදුරින් පිහිටි කුඩා ගමකි. ටිකිරිබණ්ඩා, ටිකිරි කුමාරිහාමි යුවලගේ කුළුඳුල් දරුවා වර්ෂ 1897 සැප්තැම්බර් මස 17 වැනි දින මාතලේ දුල්ලෑව මහ වලව්වේ බිහිවීමයි. ඒ දරුවාට විලියම් ගොපල්ලව යන නම තබන ලදී.සර්. ඔලිවර් ගුණතිලක උතුමාණන්ගෙන් පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට විලියම් ගොපල්ලව උතුමාණන් පත්කිරීමට ලංකාවේ පිහිටි මහා රාජිනියගේ ආණ්ඩුව මගින් අනුමත කර ඇති බව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අත්සනින් යුතුව නිවේදනය කරන ලදී. සෑම විටම සරල නිහතමානී මිනිසෙක් වූ ගොපල්ලව නිහඬ විශ්‍රාමික ජීවිතයක් ගත කිරීම සඳහා මාතලේ පිහිටි සිය පාරම්පරික නිවසට ගියේය. ඔහු 1981 ජනවාරි 30 දින ජීවිතයෙන් සමුගත්තේය.

ජනාධිපති මන්දිරය පිළිබඳව කතා කිරීමේ දී මතකයට නැඟෙන තවත් කරුණු කිහිපයක් මෙහිදී දැක්වීමට අදහස් කරමි. ඉපැරණි තැපැල් කන්තෝරු ගොඩනැගිල්ල, කෞතුකාගාර ගොඩනැගිල්ල නගර සභා ගොඩනැගිල්ල ආදී සියල්ල එකම ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ කාර්යයක් ලෙස දැකගත හැකිය.

ලංකාවේ අවසන් රජුගේ සිර කුටිය

මහනුවර රාජධානිය අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ග්‍රහණයට 1815 පෙබරවාරි 18 ගත් පසු ඔවුහු සිරකර තැබූ සිර කුටිය මෙහි පිහිටි බවට සැක කෙරේ. මෙම කුටිය ලංකා බැංකු මාවත ට හැරෙන ස්ථානයේ පිහිටා ඇත . මෙහි රඳවා සිටි රජු සහ බිසෝවරුන් නැවකින් පිටත් කළ බව ඉතිහාස ගත වී ඇත . පසු කාලයේදී මේ සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් වී ඇත. බොහෝ විට මෙම ස්ථානයේ ටික වේලාවට හෝ ඔහු රඳවා තබන්නට ඇති බව විශ්වාස කළ හැකිය. කෙසේ වුවද 1700 ගණන්වල ලන්දේසීන්ගේ නිවසක් මෙම ස්ථානයෙහි තිබූ බවට සාධක ඇත.

ඉපැරණි මහා තැපැල් කාර්යාලය

කාලයක් ජනාධිපති මන්දිරයේ (ඒ කාලේ රජගෙදර) කොටසක තැපැල් කාර්යාලය පවත්වා ගෙන ගොස් ඇත. මෙම ගොඩනැගිල්ල ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ හර්බට් ෆෙඩ්රික් ටොමලින් විසින් ඩොරික් කුළුණු සහිත ව නිර්මාණය කරන ලද අතර 1891-1895 කා ලය තුළ වප්චි මරිකාර් විසින් ඉදිකරන ලදී ගල් කොරියක් ව පැවැති මෙම ස්ථානයේ 1981 අගෝස්තු 29 වන දින මුල්ගල තැබීමෙන් ආරම්භ කරන ලදී. අතර 1891-1895 කා ලය තුළ වප්චි මරිකාර් විසින් ඉදිකරන ලදී නිම කරන ලද ගොඩනැගිල්ල, එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ආතර් එලිබෑන්ක් හැව්ලොක් විසින් විවෘත කරන ලදී. 2001 අවුරුද්දේ රටේ පවතින ආරක්ෂක ගැටළු නිසා (විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව සහතික කරන්න ඕන නිසා) කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තියෙන තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයට මෙහෙයුම් කටයුතු ගෙන ගියේය.

කෞතුකාගාරය

1877 ජනවාරි මස 01 බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර (ශ්‍රී ලංකාව) ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි විසින් පිහිටුවන ලදී Sir William Henry Gregory, the then British Governor of Ceylon (Sri Lanka).

• ෆ්‍රෙඩ්රික් නෝර්ත් 12 ඔක්තෝබර් 1798–19 ජුලි 1805
• ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් 19 ජූලි 1805–19 මාර්තු 1811
• රොබට් බ්‍රවුන්රිග්, 11 මාර්තු 1812–1 පෙබරවාරි 1820
• එඩ්වඩ් පැජට්, 2 පෙබරවාරි 1822–6 නොවැම්බර් 1822
• එඩ්වඩ් බාන්ස් , 18 ජනවාරි 1824–13 ඔක්තෝබර් 1831 • රොබට් ජෝන් විල්මට්-හෝර්ටන්, 23 ඔක්තෝබර් 1831–7 නොවැම්බර් 1837
• ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවට්-මැකෙන්සි, 7 නොවැම්බර් 1837–15 අප්‍රේල් 1841
• ශ්‍රීමත් කොලින් කැම්බල්, 15 අප්‍රේල් 1841–19 අප්‍රේල් 1847
• ටොරින්ටන් සාමිවරයා, 29 මැයි 1847–18 ඔක්තෝබර් 1850
• ශ්‍රීමත් ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්, 27 නොවැම්බර් 1850–18 ජනවාරි 1855
• හෙන්රි ජෝර්ජ් වෝඩ්, 11 මැයි 1855–30 ජූනි 1860
• චාල්ස් ජස්ටින් මැකාර්ති, 22 ඔක්තෝබර් 1860–1 දෙසැම්බර් 1863
• ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්, 21 මාර්තු 1865–4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩ බලන
• විලියම් හෙන්රි ග්‍රෙගරි, 4 මාර්තු 1872–4 සැප්තැම්බර් 1877
• ශ්‍රීමත් ජේම්ස් රොබට් ලොංග්ඩන්, 4 සැප්තැම්බර් 1877–10 ජූලි 1883
• ශ්‍රීමත් ආතර් හැමිල්ටන්-ගෝර්ඩන්, 3 දෙසැම්බර් 1883–28 මැයි 1890
• ආතර් එලිබෑන්ක් හැව්ලොක්, 28 මැයි 1890–24 ඔක්තෝබර් 1895
• ජෝසප් වෙස්ට් රිජ්වේ, 10 පෙබරවාරි 1896–19 නොවැම්බර් 1903
• ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලේක්, 3 දෙසැම්බර් 1903–11 ජූලි 1907
• ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්, 24 අගෝස්තු 1907–24 ජනවාරි 1913
• රොබට් චාර්මස්, 18 ඔක්තෝබර් 1913–4 දෙසැම්බර් 1915
• ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් , 15 අප්‍රේල් 1916–24 මාර්තු 1918
• ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං, 10 සැප්තැම්බර් 1918–1 අප්‍රේල් 1925
• ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්, 30 නොවැම්බර් 1925–1927
• ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි, 20 අගෝස්තු 1928–11 පෙබරවාරි 1931
• ශ්‍රීමත් ග්‍රෑම් තොම්ප්සන්, 11 අප්‍රේල් 1931–20 සැප්තැම්බර් 1933
• ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 23 දෙසැම්බර් 1933–30 ජූනි 1937
• ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට්, 16 ඔක්තෝබර් 1937–19 සැප්තැම්බර් 1944
• ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්, 19 සැප්තැම්බර් 1944–4 පෙබරවාරි 1948

අන්තර්ජාලය ඇසුරිනි

Shanta July 14, 2022

WOW… NICE ARTICLE

Reply

Leave a comment

Translate »