home design according to vaastu


වර්තමානයේ දී ඉඩමක් මිලදී ගැනීමේදී  සලකා බැලිය යුතු කරුණු.

 එම ප්‍රදේශයට ඔබේ ඇති කැමැත්ත

ඔබගේ මූල්‍ය හැකියාවට එකගද ?

බැංකු ණයකට සුදුසුද?

 නීතිමය කරුණු සහ පළාත් පාලන ආයතන වල අනුමැතියට යටත් ද?

සැලසුම් පිටපතේ සඳහන් කොන්දේසි පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය .

ඔබ සිතන නිවහනට එය ප්‍රමාණවත්ද? 

ඉඩමේ පිහිටීම කෙසේද ?  පස, උස්පහත් කම් ,කළු ගලින් යුක්තද?  යනාදී කරුණු කෙරෙහි සැලකිල්ල දැක්විය යුතුය.

 ඉඩම් පිහිටි දිශාව තිරයේ අවධානය යොමු කළ යුතුය මන්ද තවමත් සමහරු බටහිර දිශානුගත ඉඩම් වල්ට කැමති නැත. මිලදී ගත් පසු දිශාව සෙවීම අනුවණකමකි.

වැසි ජලය ගලා යාම සඳහා කාණු පද්ධතිය නිසියාකාරයෙන් පවතීද? 

ඉඩම සඳහා වන මාර්ගය භාවිතය සඳහා පහසුකම් තිබේද?

 අසල්වාසීන්ගෙේ ලිං පිහිටීම නිසා    වැසිකිලි වලවල් පිහිටුවීමට හැකියාවක් තිබේද ?

අසල්වාසීන් කවුරුන්ද යන්න  සොයා බැලිය යුතුය.

 නිවස ඉදිකිරීම් සඳහා බඩුබාහිරාදිය දැමීමට ස්ථානයක් වේ ද ?

ළිඳක් කැපීමට හැකියාවක් ඇත්ද?

 මිලදී ගන්නා ඉඩම ට ඉහළින්   අධිබලැති විදුලි රැහැන් පවතීද? 

ආසන්නයේ කර්මාන්ත කර්මාන්තශාලා පවතීද  එසේම එවැනි දෑ  ආරම්භ කිරීමට   සැලසුම් තිබේද යන්න සොයා බැලිය යුතුය.

නාය යාමේ හැකියාවක් පවතීද  එසේනම් ඒ  සම්බන්ධයෙන්ය ද ආයතනවලින් විමසා බැලීම සිදු කළ යුතුය. 

 

Leave a comment

Translate »